Thursday 30th of April 2026

English Tamil
Advertiesment


කට්ටියට ඉතින් හෙඩ්ලයිට් ගහන්න සීමාව දැන් වෙනස් කරන්න වෙයි..?


2025-03-05 14860

 

නවීන තාක්ෂණයෙන් යුත් Speed Gun පොලීසියට

 

"මේ රිය අනතුරු අවම කර ගැනීමට තමයි මේ Speed Gun එක ගෙනාවේ."

 

"බොහොමයක් රිය අනතුරු වලට හේතුවක් වෙලා තියෙන්නේ අධික වේගය."

 

රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් SPEED GUN උපාංග ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබී තිබේ.

රාත්‍රී කාලයේදී ද ඉතා සාර්ථක ලෙස භාවිත කළ හැකි මෙම උපාංගය තුළින් කිලෝමීටර් 1යි මීටර් 200ක් දුර දී වුවද මෝටර් රථයක් ග්‍රහණය කරගැනීමට හැකියාව පවතින බව පොලීසිය පවසයි.

මේ හරහා පටිගත වෙන වීඩියෝව සාක්ෂි ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමේ හැකියාව ද පවතී.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මේ තුළින් රිය ධාවනය කළ වේගය, රිය පදවන පුද්ගලයාගේ ඡායාරූපය සහ මෝටර් රථයේ අංකය ඇතුළු තොරතුරු රැසක් මේ හරහා ලබාගත හැකි බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, අධ්‍යක්ෂ රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව භාර මනෝජ් රණවල මහතා,

" 2020 ඉදලා 2024 දක්වා ගත්තොත් මාර්ග රිය අනතුරු වෙනවා 11,617ක්. බරපතල රිය අනතුරු වෙනවා 33259ක්. 12,322ක් මැරෙනවා."

"2025 අවුරුද්දේ පෙබරවාරි 26 වනදා වන විට 341ක් මිය යනවා. මේ මිය යන්නේ නිරෝගි මිනිස්සු."

"මේ රිය අනතුරු අවම කර ගැනීමට තමයි මේ Speed Gun එක ගෙනාවේ."

"බොහොමයක් රිය අනතුරු වලට හේතුවක් වෙලා තියෙන්නේ අධික වේගය."

මේ නවතම Speed Gun එක ගෙනාවේ අමෙරිකා එක්සත් ජනපදයෙන්.

"තක්ෂණය අතින් ඉහළම වේග මාපක යන්ත්‍රයක්. මේක ටු කෑම් කියලා කියන්නේ. නයිට් විෂන් තියෙනවා. කිලෝ මීටර් 1යි මීටර් 200ක් දුරට වදිනවා. "

"මේ යන්ත්‍රයෙන් රියදුරාගේ ෆොටෝ එක, වාහනේ අංකය, වේගය සඳහන් වෙනවා. ඒ වෙලාවෙම ඒක පෙන්වන්න පුළුවන්. කාටත් නෑ කියන්න බෑ. "

"මේ වීඩියෝ එක සාක්ෂියක් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. "

"ලංකාව පුරාම භාවිතා කරනවා, දැනට 30 ක් ගෙනාවා. රුපියල් ලක්ෂ 33ක් වෙනවා. දැනට කොට්ඨාස 30කට බෙදලා දීලා තියෙනවා. තව 15 ක් ගෙන්න ඇනවුම් කරලා තියෙනවා. එතකොට කොට්ඨාස 45ටම දෙන්න පුළුවන්"

 

(Chathura Alwis facebook)
Advertiesment